නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන් ප්‍රකාශ කළේ රට පුරා පනවා ඇති කොවිඩ්-19 අගුලු දැමීම එලැඹෙන සිකුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇති බවයි.
එසේම අගමැතිනිය පවසන පරිදි ඕක්ලන්ඩ් නගරයේ අගුලු දැමීම අගෝස්තු 31දා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර තිබේ.
ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින හෙයින් මුළු රටම අනතුරු ඇඟවීමේ 4 වැනි මට්ටමේ සීමාවන් පනවා ඇති අතර, එරට එන්නත්කරණය මන්දගාමී වීමෙන් අර්බුධයක් මතුකර ඇති බව කියයි.