නවසීලන්තය ඕක්ලන්ඩ් නගරයේ නව කොරෝනා වෛරස් සීමා කිරීම් ලිහිල් කරමින්, මුඛ ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.
නවසීලන්ත හෙරල්ඩ් පුවත්පත වාර්තා කළේ නගරයේ පදිංචිකරුවන්ගෙන් බොහෝ දෙනෙක් සංචාරක අවස්ථාවන්ගෙන් ප්රයෝජන ගැනීම සඳහා නගරයේ ගුවන් තොටුපළ කරා ඇදෙමින් පවතින බවය. මෙතෙක් කලක් එහි සංචාරක සීමාවන් ක්රියාත්මක විණි.
නවසීලන්තයෙන් මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 1,729ක් වාර්තා වී ඇති අතර, වෛරසය ආශ්රිත මරණ 22ක් වාර්තා වී තිබේ.