කොවිඩ් -19 සමාජ සම්ප්‍රේෂණය වළක්වමින් එරට වයිරසය පාලනය කිරීමට හැකිවූ බව නවතුරන් කළ බව නවසීලන්තය සඳහන් කරයි.
දින කිහිපයක් තිස්සේ තනි අගයක පැවැති නවසීලන්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉරිදා දිනයේ එකක් වූ බව එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන් ප්‍රකාශ කළාය.
නවසීලන්තය පුරා දැඩි නීතිපනවමින් එරට අග්‍රාමාත්‍යවරිය වෛරසය පාලනයට පියවර ගත් අතර එම සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කිරීමට දැන් නවසීලන්තය කටයුතු කරමින් සිටියි.
ඒ අනුව අඟහරුවාදා සිට සමහර අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වනු ඇත.
බොහෝ මිනිසුන් සෑම විටම නිවසේ රැඳී සිටීමට අවශ්‍ය වන අතර සියලු සමාජ අන්තර්ක්‍රියා වලින් වැළකී සිටිය යුතුය.
"අපි ආර්ථිකය විවෘත කරනවා, නමුත් අපි ජනතාවගේ සමාජ ජීවිතය විවෘත කරන්නේ නැහැ," නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
නවසීලන්තයේ කොරොන වයිරස් රෝගීන් 1,500 කට වඩා අඩුවන අතර මරණ සංඛ්‍යාව 19කි.