නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ද ආර්ඩේන් ඊයේ (27චා) කියා සිටියේ එරට ඕක්ලන්ඩ් අද (28දා) සිට දින හතක් සඳහා අගුලු දැමීමට කටයුතු කරන බවයි.
නවසීලන්තය තුළ තවත් එක් ආසාදන සිද්ධියක් පිළිබඳ වාර්තාවීමත් සමග මෙම පියවර ගෙන ඇති අතර, ඕක්ලන්ඩ් හි හමුවූ මෙම පුද්ගලයා මේ වනවිට හුදකලා කර ඇති බවත්, පුළුල් පැතිරීමක් පිළිබඳ වාර්තා නොවන බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් විදේශයන්ගෙන් පැමිණි සිද්ධීන් සමග මේ වනවිට නවසීලන්තය තුළ සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 66ක් වූ අතර මෙතෙක් තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව 2,016කි.