නවසීලන්තයේ නව ආසාදිතයන් වාර්තා වීම අඩුවී ඇති අතර, එය පසුගිය සතියක දෙකක කාලය හා සසඳන විට විශාල පහළ යෑමක් බව බලධාරීන් සඳහන් කරයි.
විශේෂයෙන්ම රට තුළ ඉතා බෝවන කොරෝනා වෛරස් ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය කිරීමේ දාමය බිඳ දැමීමට එරට විසින් කඩිනමින් පැනවූ ලොක්ඩවුන් සීමා සාර්ථක වී ඇති බව මින් පිලිබිඹු කරයි.
"ආසාදන පහළ වැටීම දිරිමත් කරන නමුත්, මේ වසංගතවලට දිගුවක් තිබිය හැකි බව අප සිහියේ තබාගෙන කටයුතු කළ යුතුයි" මහජන සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය කැරොලයින් මැක්එන්ලේ පැවසීය.
ඒ අනුව සම්ප්‍රේෂණ දාමය බිඳ දැමීමේදී නවසීලන්තය සාර්ථක වෙමින් සිටින බව ඇය පැවසුවාය.
පෙබරවාරි මාසයේදී අවස්ථා කිහිපයක් හැරුණු විට, නවසීලන්තය බොහෝදුරට කොරෝනා වෛරසයෙන් තොර වුවත්, ඩෙල්ටා වසංගතය හේතුවෙන් ආසාදිතයන් ඉස්මතුවීමත් සමග පසුගිය මාසයේදී හදිසි අගුලු දැමීමකට අගමැති ජසින්ඩා ආර්ඩෙන් නියෝග කළාය.