අහංගමදී නිවස තුළදි මියගිය සිව්දරු මවකගේ මරණයට හ්තුව කොවිඩ් නිව්මෝනියාව බව ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී.ජී.එන්. කරුණාතිලක මහතා පවසයි.
මිය ගොස් ඇත්තේ අහංගම ප්‍රදේශයේ පදිංචි (75) සිව්දරුමවකි. ඇය රුධිර පිඩනය, දියවැඩියාව යන රෝග හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සායනවලින් ප්‍රථිකාර ලබාගෙන ඇත. මව නිවස තුළ සිටියදී හුස්ම ගැනීමට අපහසුවී මිය ගොස් ඇත.
මෘත දේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනවිත් කරනු ලැබු පී.සී.ආර් පරික්ෂණයේ දී ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.