කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ලබාදීම සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලයොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව අද දින උදෑසන මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සිදු කිරීම සඳහා අවශ්‍යය මූලික සැළසුම් සකස් කෙරුන අතර, එම කටයුතු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ නිරීක්ෂණයට ලක් විය. මෙහිදී ආසාදිතයන් වාට්ටු සංකීර්ණයට රැගෙන ඒමේ සිට ප්‍රතිකාර ලබා සුව වන තෙක් සෞඛ්‍ය සේවාවන් සැපයීම හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා අවශ්‍යය පහසුකම් සැපයීම පිළිබදව මූලික සැළසුම් සකස් කෙරිනි.