නාවලපිටිය පස්බාගේ කොරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (04) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව අසාදිතයන් 38 දෙනෙකු හදුනාගත් බවත්, ඉන් වැඩි අසාදිතයන් පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව පස්බාගේ කෝරලේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලන්ත වික්‍රමගේ මහතා පැවසිය.
අසාදිතයන් නාවලපිටිය වැලිගම්පොල, සොයිසාකැලේ, ඉඹුල්පිටිය ,මපාකන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්,එම අසාදිතයන් පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් වු නිසා එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කර සිදු කල පි.සි.ආර් පරික්ෂණයේදි නව අසාදිතයන් 38 දෙනා හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
හැටන් රංජිත් රාජපක්ෂ