වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණි නිරෝධානයට ලක් ව සිටි නාවලපිටිය ප්රදේශයේ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය ආසාධනය වි ඇති බවට තහවුරු වි ඇත.
නාවලපිටිය දෙකිද අලුත්ගම ප්රදේශයේ සහ නාවලපිටිය ගොන්දෙන්නාව ප්රදේශයේ පදිංචිව සිටි නිරෝධානයට ලක් වි සිටි නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු මෙසේ (26) දින රාත්රි නාවලපිටිය මුලික රෝහලේ ගිලන් රථයකින් වැලිසර නාවික හමුදා කඳවුර වෙත යොමු කිරිමට නාවලපිටිය සෞඛ්යය වෛද්යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්යය පරික්ෂකවරුන් කටයුතු කළේය.
වැලිසර නාවික හමුදා කදවුරේ සිට නාවලපිටිය ප්රදේශයේ තම නිවාස වලට නාවික හමුදා සෙබළුන් තිදෙනෙක් ඉකුත් 18 සහ 21 යන තෙදින තුළ නිවාඩු ලබා පැමිණ සිටියදි මහජන සෞඛ්යය පරික්ෂකවරුන් විසින් එම නාවික හමුදා සෙබළුන් තිදෙනා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් ඇතුළු නාවික හමුදා සෙබළුන් සමිපව සම්බන්ධකම් පැවැත් වු ඔවුන් පදිංචි නිවාස ආසන්නයේ පවුල් කිහිපයක්ද ස්වං නිරෝධානයට යොමු කර තිබුණි.
නාවික හමුදා සෙබළුන් තිදෙනාවම පි.සි.ආර් පරික්ෂණයට යොමු කිරිමෙන් අනතුරුව නාවික සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය ආසාධනයට වි ඇති බවට තහවුරු වි තිබුණි.