නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමුවිම නිසා නාවලපිටිය නගරය විෂබිජහරණය කිරිම සදහා අද දින සිට (18) දින දක්වා තාවකාලිකව වසා දමන බව එම වෙළද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කිත්සිරි කරුණාදාස මහතා කියා සිටියේ එම ආශ්‍රිතයන් 16 දෙනෙකුගෙන් කිහිප දෙනෙකු නාවලපිටිය නගරයේ වෙළදසැල් වලට පිවිස ඇති නිසා සෞඛ්‍ය අංශ උපදෙස් ලබා ගනිමින් වෙළදසැල් වසා දැමිමට තිරණය කල බවයි.
වසා දැමු නාවලපිටිය නගරයේ සියලුම වෙළදසැල් සහ නගරය 18 දින විෂබිජහරණය සිදු කරන බවද කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.