නාවලපිටිය ප්‍රදේශයේ නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කල නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග නාවලපිටිය නගරය අද (29) දින සම්පුර්ණයෙන්ම වසා දැමිමට කටයුතු කල බව නාවලපිටිය වෙළද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.
නාවලපිටිය පොලීසිය සහ වෙළද සංගමයේ සමාජිකයන් සමග ඊයේ (28) දින සාකච්ඡා කර මෙම තිරණය ගත් බවත්, නාවලපිටිය නගරයේ වෙළදසැල් හතරකට කොවිඩ් 19 වෛසරය අසාදනය වු නාවික හමුදා සෙබලෙකු පැමිණ ඇති බවටත්, තොරතුරු සනාථ විමෙන් අනතුරුව නාවලපිටිය නගර සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කිරිම සදහා සියලුම වෙළදසැල් වසා දැමිමට තිරණය කල බවයි වෙළද සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.
නාවලපිටිය නගර වසා දැමිමත් සමග නාවලපිටිය නගරයට පිවිසෙන සියලුම ලංගම සහ පෞද්ගලික බස් රථ අද (29) දින ධාවන කටයුතු වලින් ඉවත් වි ඇත.
නාවලපිටිය දෙකිද අලුත්ගම සහ ගොන්දෙන්නා යන ප්‍රදේශවල පදිංචිව සිටි වෛසරය අසාදනය වු නාවික හමුදා සෙබලුන් දෙදෙනා නාවික හමුදාව විසින් මේ වන විට වැලිසර නාවික හමුදා කදවුර වෙත රැගෙන ගොස් ඇති අතර , එම ගම්මාන දෙකේම පවුල් 8 කට අයත් සමාජිකයන් 34 දෙනෙකු යුද හමුදාව විසින් මිහින්තලේ නාවික හමුදා නිරෝධාන මධ්‍යස්ථානයට වවුනියාව පම්පෙයිමඩු නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
තවද එම ගම්මාන දෙකේම පවුල් 13කට අයත් සමාජිකයන් 40 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර , වෛසරය අසාදනය වු එක් නාවික හමුදා සෙබලෙකු පැමිණියේ යැයි කියන වෙළදසැල් හතරක්ද සම්පුර්ණයෙන්ම දින 14 වසා දැමිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණි.
නාවලපිටිය දෙකිද අලුත්ගම සහ ගොන්දෙන්නා යන ප්‍රදේශ නාවලපිටිය පොලීසියේ නිලධාරින් විසින් ඊයේ (28) දින විෂබිජහරණයට ලක් කරන ලදි.