නාවලපිටිය පොලිස් වසමේ දඹගල්ල මාර්ගයේ සපත්තු පාලම අසළ කසළ අඩංගු බෑගයක් දමා යෑමේ සිදුවිමට අදාළව එම කසළ බෑගය ලබාදුන් ආපන ශාලාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
ඊට අමතරව කසළ ප්රවාහනය කළ ත්රි රෝද රථයේ රියදුරු හා එම කසළ බෑගය රැගෙන ගිය බවට පැවැසෙන පූඩළුඔය පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයා ඊයේ (09දා) නාවලපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එළැඹෙන 23 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.