නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 65 කු ඊයේ (26) දින පස්වරු 4.00 වනවිට වාර්තාවීමත් සමග දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිත රෝගීන් සංඛ්‍යාව 7141 ක් දක්වාඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අනුව අඹගමුව 1336 කු, බගවන්තලාව 831කු, හඟුරන්කෙත 406 කු, කොටගල 473 කු, කොත්මලේ 645 කු, ලිඳුල 499 කු, මස්කෙළිය 323 කු, මතුරට 140 කු, නුවරඑළිය නගර සභා සීමාවේ 406 කු, නව තිස්පනේ 672 කු, නුවරඑළිය 576 කු, රාගල 495 කු හා වලපනේ 339 කු වශයෙන් මෙසේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වී ඇතැයි එම නිලධාරීහු පවසති.
කොවිඩ් වෛරසය ආසාදිත හමු වු නව රෝගීන්ගෙන්65 දෙනා හමුව ඇත්තේ බගවන්තලාව 34 ක්, කොටගල 13 ක්, අඹගමුව හතක්, හඟුරන්කෙත පහක්, වලපනේ තුනක්, ලිඳුල, මස්කෙළිය, මතුරට එක් අයෙකු බැගින් මෙසේ හමුව ඇතැයිද ඔවුහු කියති.
නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් සමස්ථ මරණ සංඛ්‍යාව 117 ක් දක්වා ඉහල ගොස් ඇතැයිද එම මරණ නුවරඑළිය 46 ක්, අඹගමුව 41 ක්, කොත්මලේ 14 ක් වලපනේ 14 ක් සහ හඟුරන්කෙත දෙකක් ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් වාර්තා වී ඇතැයිද සෞඛ්‍ය අංශ සඳහන් කරති.
ශාන් හුලංනුගේ