නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 623 ක් දක්වා (04) දිනය වනවිට ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
නුවරඑඝිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් වෛරසය නව ආසාදිත රෝගීන් 12 කු ඊයේ (04) දින වාර්තා වී ඇති බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු සදහන් කරති.
දැනට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම කොවිඩ් රෝගීන් පිරිසක් වාර්තාවී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් බවත් එම පිරිස 258 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම නිලධාරීහු කියති.
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් වටවල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් අතරින් කොවිඩ් රෝගීන් විශාල වශයෙන් හමුවෙමින් පවතින බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති
ශාන් හුලංනුගේ