නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රෝගීන් 249 කු ඊයේ (27) දිනට හමුව ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
මෙම නව රෝගීන්ගෙන් 61 කුම කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් හමුව ඇතැයිද ඔවුහු කියති.
ඊට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අනුව ලිඳුල 49 ක්, නුවරඑළිය 48 ක්, වලපනේ 22 ක්, නුවරඑළිය නගර සභා සීමාවේ 22 ක්, අඹගමුව 17 ක්, කොටගල 10 ක්, බගවන්තලාව නවයක්, රාගල හයක්, මස්කෙළිය පහක් ලෙස මෙම නව රෝගීන් වාර්තා වී ඇතැයිද එම නිලධාරීහු සඳහන් කරති.
මේ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් 11490 කු දක්වා හා සමස්ථ මරණ සංඛ්‍යාව 241 දක්වා ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු කියති.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත නව මරණ 13 ක් ඊයේ (27) දිනට වාර්තා වී ඇති බවත් හඟුරන්කෙත හතක්, කොත්මලේ හතරක් හා වලපනේ දෙකක් ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අනුව මෙම නව මරණ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරති.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් නුවරඑළිය 99 ක්, අඹගමුව 56 ක්, වලපනේ 43 ක්, කොත්මලේ 29 ක් හා හඟුරන්කෙත 14 ක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් මරණ වාර්තාවී ඇතැයිද එම නිලධාරීහු වැඩිදුරටත් පවසති.
ශාන් හුලංනුගේ