නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුල අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 104 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 7604 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසුගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන වාර්ථා කොටසක් ලැබිමත් සමග මෙම නව ආසාදිතයන් සොයා ගැනිමට හැකිව ඇති බවත්ය.
මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන් අතරින් වැඩි පිරිසක් මෙම දිස්ත්‍රික්කයේ වතු ආශ්රිත ප්‍රදේශවලින් හමුව ඇති බවත් මෙසේ හමුවු නව ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට යොමු කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා පවසන ලදි.
එමෙන්ම මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත මරණ 138ක් වන අතර එයින් කොවිඩ් ආසාදිත මරණ 88ක්ම ජුනි මාසය තුලදි සිදුව ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා