නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් 19 ආසාදිතයන් 66 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 7343 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසුගිය 26වන දින ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන මත බගවන්තලාව, රාගල, නව තිස්පනේ, නුවරඑළිය, කොත්මලේ, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් මෙම නව ආසාදිතයන් හමුව ඇති බවත්ය.
මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයන්ට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.