නුවරඑළිය දිස්ත්‍රික්කයේන් පසුගිය පැය 24 කාලය තුලදි නව ආසාදිතයන් 58 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 7277 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොටගල, රාගල, නව තිස්පනේ යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවල පසුගිය දිනවල කරන ලද පි. සි. ආර්. පරික්ෂණවල වාර්ථා ලැබිමත් සමග මෙම නව ආසාදිතයන් හමුව ඇති බවත්ය.
මෙසේ හමුවු නව ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇති බවත් එසේ සොයා ගන්නා ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට මෙම දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත මරණ ගණන 122 දක්වා ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සේල්ලහේවා