නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 108 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 6230 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසුගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂවල වාර්ථා 20වන දින උදැසන ලැබිමත් සමග මෙම නව ආසාදිතයන් හමුව ඇති බවත්ය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හැටන්, ලක්ෂපාන, කොටගල, බගවන්තලාව, නව තිස්පනේ, මස්කෙළිය, රාගල, නුවරඑළිය වැනි ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් හමුව ඇති බවත් මෙම සියලුම ආසාදිතයන් මෙයට පෙර හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන ස්වයං නිරෝධානයට ලක් කර පි. සි. ආර්. පරික්ෂාවන් සිදුකල පිරිස් බවද එම නිලධාරියා පවසන ලදි.
මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට යොමු කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත මරණ 90ක් වන බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා