නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 07වන දින සවස් වන විට නව කොවිඩ් ආසාදිතයන් 24 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 2153 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිළිබදව වැඩිදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම කොවිඩ් ආසාදිතයන් 24 දෙනාගෙන් 12 දෙනකු ලිදුල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් වාර්ථාවි ඇති බවත්ය.
එමෙන්ම මෙසේ වාර්ථාවි ඇති කොවිඩ් ආසාදිතයන් 2153 දෙනාගෙන් 535 දෙනකුම අලුත් අවුරුද්දෙන් පසුව ඇතිවු කොවිඩ් තුන්වන රැල්ලෙන් වාර්ථාවු ආසාදිතයන් බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්ථාවන සමස්ත කොවිඩ් මරණ ගණන 15 බවද එම නිලධාරියා පවසන ලදි.
මෙසේ හමුවු නව කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පිරිසක් මේ වන විට ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර ඇති බවත් එම පි. සි. ආර්. වාර්ථා ලැබිමෙන් පසු එම වාර්ථා මත ඉදිරි පියවර ගැනිම සිදු කරන බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්