නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයන් 76 දෙනකු හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත ගනන 6306 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන වාර්ථා 22වන දින ලැබිමත් සමග මෙම නව ආසාදිතයන් හමුව ඇති බවත්ය.
මෙම ආසාදිතයන් මෙයට පෙර හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල පිරිස් බවත් මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 4728 දෙනකුම සිංහල හිංදු අලුත් අවුරුද්දෙන් පසුව හමුවු ආසාදිතයන් බවද එම නිලධාරියා පවසන ලදි.
මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත ගනන 91 වන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා