නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 35දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් ගණන 1217 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් වැඩිවිමක් සිදුව ඇති බවත් මෙයින් වැඩි පිරිසක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බල ප්‍රදේශයේ බගවන්තලාව හා අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් හමුව ඇති බවත්ය.
මෙසේ අලුතින් හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන ඇති සියයකට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවත් එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද පවසන ලදි.
එම පි. සි. ආර්. වාර්ථාවන් ලැබිමෙන් පසු එම වාර්ථා මත ඉදිරි කටයුතු සිදු කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්