නුවරඑලිය වසන්ත උදානය අවසන් විමත් සමග නුවරඑලිය මහ නගර සභා සිමාව තුල මැයි මස (12) දින සිට (28) දින දක්වා දින 17 ක කාලය තුල අසාදිතයන් 315 දෙනෙකු හදුනාගත් බවත්, තවත් පිරිසකගේ පි.සි.ආර් පරික්ෂණ වාර්තා ලැබිමට නියමිත බව නුවරඑලිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරි පැවසිය.
අසාදිතයන් වැඩි පිරිසක් නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවකින් අසාදිතයන් 149 දෙනෙකු හමු වි ඇති බවත්,ඒ අනුව එම පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව (28) දින සිට තාවකාලිකව වසා දැමු බවයි නුවරඑලිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරි කියා සිටින්නේ.
අසාදිතයන් 315 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත්, එම පිරිස පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කරන බවද නුවරඑලිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් වැඩිදුරටත් පැවසිය.