නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 78 කු (27) දින පස්වරු 4.00 න් අවසන් වු පැය 24 තුල වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරති.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අනුව නව තිස්පනේ 35 ක්, අඹගමුව 22 ක්, රාගල හතක්, කොත්මලේ පහක්, බගවන්තලාව තුනක්, මස්කෙළිය තුනක් සහ නුවරඑළිය තුනක් ආදී වශයෙන් මෙම නව ආසාදිතයන් හමුව ඇතැයිද ඔවුහු පවසති.
මේ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 7219 ක් දක්වා හා සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 122 ක් දක්වා ඉහල ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු වැඩිදුරටත් කියති.
ශාන් හුලංනුගේ