නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට අද (30) දින දවස පුරා ඇදිරි නීතිය පැනවිමත් සමග හැටන් ඇතුළු වතුකරයේ සියලුම නගර වල වෙළදසැල් වසා දමා ඇති අතර , රථ වාහන ගමනාගමනය සම්පුර්ණයෙන්ම නතර වි ඇත.
ඇදිරි නීති බලපත්‍ර ඇති සහ අත්‍යාවශ්‍ය සේවා වාහන පමණක් මාර්ගයේ ගමන් ගන්නා අතර මාර්ගයේ ගමන් ගන්නා වාහන සහ පුද්ගලයන් පොලීසිය විසින් දැඩි පරික්ෂාවකට ලක් කරනු ලබයි.