ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ප්‍රාන්තයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 30,000 සීමාව කරා පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව එය අද (29දා) උදෑසන දැක්වුණේ 29,529ක් ලෙසිනි.
ඒ අනුව ලෝකයේ සිදුව ඇති කොවිඩ්-19 මරණ දෙස බැලීමේදී ඇමෙරිකාව හැරුණු විට මහා බ්‍රිතාන්‍ය හා ඉතාලිය පමණක් තවම මරණ 30,000 සීමාවට ළඟා වී තිබීමද විශේෂත්වයකි.
මේ වනවිට ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 101,597ක් ලෙස සටහන් වන අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (29දා) උදෑසන වනවිට එරට සමස්ත ආසාදිත අගය දැක්වුණේ 1,721,479ක් ලෙසිනි. වෛරසය ආසාදිතයන්ගෙන් ලක්ෂ 4කට ආසන්න පිරිසක් ඇමෙරිකාවේ සම්පූර්ණ සුවය ලබා ඇති අතර, එම අගය මේ වනවිට දැක්වෙන්නේ 399,991ක් ලෙසිනි.