ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කුමෝ වාර්තා කළ ප්‍රමාණයට වඩා කොවිඩ්-19 මරණ 12,000ක් එම ප්‍රාන්තය තුළ සිදුව ඇති බව වත්මන් ආණ්ඩුකාර කැතී හොෂුල් අනාවරණය කරයි.
ප්‍රාන්තයේ නව ආණ්ඩුකාරවරයා ලෙස වැඩභාරගෙන දෙවැනි දිනයේදීම ඇය ප්‍රකාශ කළේ වඩාත් විනිවිදභාවයකින් යුතුව ජනතාව වෙත සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල දත්ත මත පදනම්ව නිව්යෝක් ප්‍රාන්තය දැන් කොවිඩ්-19 ආසාදිතව පුද්ගලයන් 55,400ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව රජය වාර්තා කරන්නේ යැයි නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත් සේවිකාවන්ට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාවන්ට ලක්ව ධුරයෙන් ඉවත් වූ හිටපු ආණ්ඩුකාර ඇන්ඩෘ කුමෝ විසින් නිවේදනය කළ මරණ 43,000ට වඩා එය මරණ 12,000ක වැඩිවීමකි.