කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ පැවති 4% සිට නොවැම්බර් මාසයේදී 4.1%ක් දක්වා සුළු වශයෙන් ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදුවූ ඉහළ යෑම මේ සඳහා හේතු වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.