නොවැම්බර් මාසේ පළවෙනි සතියේ 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා පවසයි.
තලවාකැලේ ප්‍රදේශයේදි පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේසේ පැවසීය.
“ව්‍යවස්ථා සංශෝධනය යනු රටට උචිත ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක කර ගන්නා ඕන ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කර ගන්න නම් තහංචි වැඩ කඩොළු තියාගෙන යන්න පුළුවන් කමක් ඇත්තේ නෑ.
ඒ නිසාම ජනතා අභිලාසයන් විශාලයි. පසුගිය අවුරුදු 05 තුළ 19 බල ගන්වලා කරපු විනාශයත් එක්ක ජනතාවට සේවයක් කරන්න ලැබුණේ නෑ. නිලධාරින්ට ඔවුන්ගේ කාර්ය කරන්න ඒ.ආර්. එක එෆ්. ආර්.එක අනුව ක්‍රියාත්මක කරන්නත් ඔවුන්ට බැරි වුණා.
ඒ නිසා 20 ගේනවා. 20 සම්මත වෙනවා. ආණ්ඩුවේ සමහර අය විරුද්ධ වෙනවා කියන එක හිතලු කතා. ඒක විපක්ෂයේ අයට පොඩි මෝඩ චූන් එකක් තියෙයි. නමුත් සම්මත වෙනවා කියන එක ස්ථීරයි.
මාධ්‍යය මගින් නොවෙයි කැබිනට් එකට දාන්නේ. කැබිනට් එකේ අභිමතය පරිදි තමයි ක්‍රියාත්මක කරන්න ඕන. කැබිනට් එකේ සාකච්ඡා කරමින් බලය පැවරුවා ජනාධිපතවරයාට. ජනාධිපතිතුමා ඒ වගකීම බාර ගෙන රටට වගකියන්න බාර ගත්තා. නොවැම්බර් මාසේ පළවෙනි සතියේ 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.”