නැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාව අවට පවතින තෙල් තට්ටුව ඉවත් කිරීමට මිනිරන් වලින් නිපදවූ කෘතිම මෙට්ටයක් භාවිතා කිරීමේ හැකියාව පවතින බවට නැනෝ තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය අද (11දා) පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ හෝමාගම නැනෝ තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවීමෙන් අනතුරුව එම පරිශ්‍රය කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි .
මෙහිදී තවදුරටත් අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය මෙසේද කීවාය .
“මේ දිනවල නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් තිබෙන නිව් ඩයමන් නෞකාව අපට පවතින ඉන්ධන ඉවත් කිරීමට හැකි උපකරණයක් පර්යේෂණයකින් සොයා ගැනීම ඉතාම වැදගත් කාරණයක්. මේ තාක්ෂණය හොයාගත්තේ විදේශ රටකින් වෙන්න පුළුවන් නමුත් ඒ තාක්ෂණය අපේ රටේ ක්‍රියාවට නංවා ගන්නේ කොහොමද කියන එක පර්යේෂණයකින් අනාවරණය කර ගැනීමට හැකි වීම මේ ආයතනය ලැබූ සුවිශේෂී භාග්‍යයක් .
ඒ සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මේ වෙනකොට සොයාගෙන තිබෙනවා .දැන් අපිට තිබෙන අභියෝගය තමයි මෙය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නේ කොහොමද කියන එක .ඒ පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් තිබෙනවා .ඒ පිළිබඳව යෝජනා සාකච්ඡා කිරීමටයි අද අපි මෙහි පැමිණ තිබෙන්නේ”
ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ,ව්‍යාපාර ප්‍රවර්ධන ප්‍රධානී.ආචාර්ය ලක්ෂිත පහල ගෙදර මහතා අදහස් දක්වමින් මෙසේ කීය .
“අපිට අද දවසේ රට හමුවේ පවතින ප්‍රධාන අභියෝගයක් තමයි නැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාවෙන් කාන්දු වන තෙල් ඉතා ඉක්මනින් ඉවත් කරන්නේ කොහොමද කියන එක. මෙවන් අවස්ථාවකදී ලෝකයේ විවිධ රටවල් විවිධ ක්‍රම භාවිතා කරනවා.
මෙවන් අවස්ථාවකදී භාවිතා කළ හැකි ක්‍රමයක් පිළිබඳව අපි කාලයක සිට පර්යේෂණයක් සිදු කළා.ඒ පර්යේෂණයෙන් සොයාගත් ක්‍රමවේදය තමයි මේ සඳහා භාවිතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ, මේ සඳහා මිනිරම් වලින් සාදාගන්නා ග්‍රැෆීන් කියන ද්‍රව්‍ය භාවිතා කරලා තමයි ඒ මොහොතේ මුහුදේ තියෙන තෙල් තට්ටුව ඉවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එය ඉතාම සාර්ථක ක්‍රමයක් වෙයි කියලා අපි හිතනවා."
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න