ඉන්දයාවේ නවදිල්ලි, මුම්බායි, බැංගලෝර්, පූනේ, හයිද්‍රාබාද් සහ කොල්කටා වැනි ප්‍රධාන නගරද ඇතුළත්ව නගර 75ක් එලැඹෙන 31දා දක්වා වසා දැමීමට (ලොක්ඩවුන්) කිරීමට ඉන්දීය මධ්‍යම රජය තීරණය කර තිබේ.
මින් අදහස් වන්නේ තාක්ෂණික හා මූල්‍ය අංශවල මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට මාසය පුරාම නිවසේ සිට වැඩ කිරීමට බල කෙරෙන බවය. ඒ අනුව මෙම දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වනු ඇත.
එහිදී සියලුම වෙළඳසැල්, වාණිජ ආයතන, කර්මාන්තශාලා, වැඩමුළු, කාර්යාල, වෙළඳපොල සහ පූජනීය ස්ථාන වසා දමා අන්තර් ප්‍රාන්ත බස්රත හා මෙට්‍රෝ සේවා අත්හිටුවනු ඇති බවද කියයි.
මුම්බායි හි ප්‍රධාන මූල්‍ය දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් දැන් පූර්වයෙන් පවතින නීතියක් බලාත්මක කරමින් සිටින අතර, ඊට අනුව පුද්ගලයන් හතර දෙනෙකු හෝ වැඩි ගණනක් එක්රැස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
හෙම් අතර උතුරු පන්ජාබයේ මහ ඇමතිවරයා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය සේවා හැරුණු විට මාර්තු 31දා දක්වා මුළු ප්රාන්තයම වසා දමා ඇති බවයි. එක් මරණයක් ඇතුළු නව කොරෝනා වෛරස් රෝගීන් 20 කට වැඩි ප්‍රමාණයක් රජය විසින් තහවුරු කර තිබේ.
තහවුරු කර ඇති සිද්ධීන් තුනක් පමණක් වාර්තා කළද, උත්තරාකන්ද් ප්රාන්තයම මාර්තු 31දා දක්වා අත්‍යවශ්‍ය නොවන සේවා වසා දමා ඇති බව නිවේදනය කරයි.