ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙන යමින් සිටියදී , ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝගී තත්වය නිසා එම ගුවන් ගමන් අතහැර දමා තිබූ ගුවන් සේවා 02 ක් අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ යළිත් ගුවන් සේවා සම්බන්ධතා ආරම්භ කරමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
මෙයින් පළමු ගුවන් යානය ලෙස ඕමානයේ මස්කට් නුවර සිට ඊයේ දින උදෑසන 8.55 ට සලාම් ගුවන් සේවයේ ඕ.වී.- 431 දරන ගුවන් යානය ගුවන් මගීන් 75 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඉන්පසුව සලාම් ගුවන් සේවයේ මෙම ගුවන් යානය ඊයේ දින උදෑසන 9.50 ට ගුවන් මගීන් 28 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළෙන් යළිත් ඕමානයේ මස්කට් නුවර බලා පිටත්ව ගොස් තිබුණි .
එමෙන්ම මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයා ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 6005 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය , ගුවන් භාණ්ඩ තොගයක් ද රැගෙන ඊයේ දින රාත්‍රී 10.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .