නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට අවවාද කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දැනට මුහුදු ප්‍රදේශවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 12 තුළ එම ප්රදේයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
එම පීඩන අවපාතය හෙට දිනය වන විට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය විය හැකි අතර එය 17 වන දින දක්වා වයඹ දෙසටත් ඉන් අනතුරුව 18, 20 යන දිනයන්හි උතුරට බරව ඊසාන දෙසට හැරී උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ වෙත ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.