නිරෝධානය සඳහා යොමුකර සිටි බේරුවල පුද්ගලයින් 122ක් නිරෝධානය ක්‍රියාවලිය අවසන් කිරිමෙන් පසුව පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිවෙස් වෙත මුදා හළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
එසේම ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධානය මධ්‍යස්ථානවලින් නිරෝධානය නිමකළ පුද්ගලයන් 5050ක් පිටව ගොස් ඇති බවත් තවත් පුද්ගලයින් 4522ක් නිරෝධානය වෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
එසේම නාවික හමුදා පවුල්වල සාමාජිකයන් 1031ක් නිරෝධායනය වෙමින් සිටින බවත් ඔහු පැවැසීය.
නාවික හමුදාවේ සෙබලුන් 296කට වයිරසය ආසාදනය වී ඇති බවත් එයින් බහුතරයක් වැලිසර නාවික හමුදා කඳවුර තුළ සිටි අය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අද (04දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.