නාවික හමුදාවේ රණවිරුවන් 342කට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ රණවිරුවන් සියලු දෙනාම කඳවුරු වෙත කැඳවා ඇති හෙයින් කඳවුරු තුළින් පමණක් ආසාදිතයන් වාර්තා වන බවයි.
එසේම මෙවර අවුරුදු සමරපු ආකාරයකට වෙසක් උත්සවයත් සැමරීමට සිදුවන බවත් වෙසක් සමයට රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව නිවෙස්වලට වී ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වන ලෙසත් ඔහු සඳහන් කළේය.