නාවික හමුදාවේ නිලධාරීන් 64 දෙනෙකු සඳහා සහ විවිධ තරාතිරම් වලට අයත් නාවිකයන් 1904 ක් සඳහා වශයෙන් නාවික පුද්ගලයින් 1968ක් වෙත උසස්වීම් ලබා දීම 2021 මැයි මස 19 දින සිදු කෙරිණි.
විජයග්‍රහණයේ 12 වන සැමරුම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික පුද්ගලයින් 1968 දෙනෙක් මෙලෙස 2021 මැයි මස 19 වන දින උසස් කිරීම සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාවේ කපිතාන් නිලයට නිලධාරීන් 04ක්, කොමාණ්ඩර් නිලයට නිලධාරීන් 11ක්, ලුතිනන් කොමාණ්ඩර් නිලයට නිලධාරීන් 27ක්, ලුතිනන් නිලයට එක් නිලධාරියෙකු (01) සහ මධ්‍ය නිලධාරී ලෙස නිලධාරීන් 21ක් වශයෙන් නිලධාරීන් 64 සඳහා උසස් වීම් ලබා දීම සිදු විය.
එමෙන්ම පාලක ප්‍රධාන සුළු නිලධාරී තරාතිරමට ජ්‍යේෂ්ඨ නාවිකයින් 109ක්, සමූහ ප්‍රධාන සුළු නිලධාරී තරාතිරමට ජ්‍යේෂ්ඨ නාවිකයින් 218 ක්, ප්‍රධාන සුළු නිලධාරී තරාතිරමට ජ්‍යේෂ්ඨ නාවිකයින් 421ක්, සුළු නිලධාරී තරාතිරමට කනිෂ්ඨ නාවිකයින් 844ක්, නායක නැවි තරාතිරමට කනිෂ්ඨ නාවිකයන් 55 ක්, බල නැවි තරාතිරමට කනිෂ්ඨ නාවිකයන් 193ක් සහ සාමාන්‍ය නැවි තරාතිරමට කනිෂ්ඨ නාවිකයන් 64ක් වශයෙන් ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් 1904ක් සඳහා උසස්වීම් ලබා දීම සිදු කරන ලදී.