නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහන් කිහිපයක් ඊයේ (20) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට ඇතුළුවන පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.
නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් මහජනතාව බහුලව ගැවසෙන කොළඹ කොටුව දුම්රිය ස්ථානය දෙවන වරටත් ඊයේ එහි සියලුම පරිශ්‍රයන් ආවරණය වන පරිදි විෂබීජහරණය කිරීම සිදු කරන ලදි.
එසේම වරාය පරිශ්‍රයට අතුළුවන දොරටු ප්‍රදේශයන් ආශ්‍රිතවද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විෂබීජහරණ කිරීමේ වැඩසටහනක් ඊයේ දිනය තුළදී ක්‍රියාත්මක කරන ලද අතර, මෙවැනි ජනාකීර්ණ ස්ථානයන්හි වෛරසය ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටි.