(UPDATE)
ඉන්දික හේවාවිතාරණ / ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව
කින්නියා පොලිස් වසමට අයත් කන්ඩල්නාඩු ප්‍ර‘දෙශයේ මහවැලි ගඟේ නීතිවිරෝධී වැලි ගොඩදැමීමකදී නාවික හමුදාව දැක ගඟට පැන අතුරුදන් වූ දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළසිරුරක් හමුවූ බව පොලීසිය කියයි.
මෙසේ සොයාගනු ලැබුවේ කින්නියා, ඉඩිමන්හි පදිංචි අබ්දුල් රවුෆ් මොහොමඩ් පාරිස් (22) නමැති අයගේ මළසිරුරයි. එම ප්‍ර‘දේශයේම පදිංචි බසීර් මොහොමඩ් රමීෂ් (19) නමැති අය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කලහකාරී ලෙස හැසිරුණු පිරිස් නාවික හමුදාවට ගල්මුල් හා පොලුවලින් පහරදීම නිසා 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් හතර දෙනෙකු රෝහල්ගතකළ බව නාවික හමුදාව පැවසීය.
කලහකාරීන් විසුරුවා හැර ප්‍ර‘දේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට කින්නියා පොලීසියට අමතරව චීනවරාය සහ මුතූර් පොලීසිවල අමතර පොලිස් කණ්ඩායම්ද, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාවද යොදවා තිබේ.
නීති විරෝධී වැලිගොඩදැමීම පිළිබඳ ලැබුණු තොරතුරකට අනුය නාවික හමුදාවේ නාවික නෞකා විදුර කඳවුරේ භට පිරිස් කන්දල්කාඩු ප්‍ර‘දේශයට ගිය අවස්ථාවේ වැලිගොඩ දැමූ කිහිපදෙනෙකු නාවික හමුදාව දැක පැනගොස් මහවැලි ගඟට පැන තිබේ. ඉන් එක් අයෙකු පිහිනා ගොඩබිමට පැමිණ ඇති අතර, දෙදෙනෙකු අතුරුදන් වීමත් සමග පිරිස නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට පටන්ගෙන තිබේ.
මේ අතර නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා අතුරුදන් වූවන් සෙවීමට කලහකාරීන් විරෝධය දක්වා නොසන්සුන් ලෙස හැසිරීමත් සමග මෙම ගැටුම හටගෙන ඇතැයි පොලීසිය කියයි.
සොයාගත් මළසිරුර කින්නියා රෝහලට රැගෙන විත් ඇති අතර, කින්නියා පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
සිද්ධිය සමථයකට පත්කිරීම සඳහා නාවික හා වරාය නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මහතාද එම ප්‍ර‘දේශයට ගොස් තිබිණි.
මේ අතර,වැලි ජාවාරම්කරුවන් සිදුකළ පහරදීම්වලින් නාවික හමුදා සාමාජිකයන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙන බවත්, ඉන් හතර දෙනෙකු බරපතළ තුවාල සහිතව ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.
එම අවස්ථාවේදී ජනතාවට වෙඩි තැබූ බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, කලහකාරී ලෙස හැසිරුණු පිරිස් විසුරුවා හැරීමට අහසට වෙඩි තැබීමක් සිදුකළ බවත් ඔහු පවසා සිටියේය.
මෙවැනි විරෝධතා එල්ල වුවද නීති විරෝධී වැලි ජාවාරම් මැඬපැවැත්වීමට අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.
ත්‍රිකුණාමලය, කින්නියා මහවැලි ගඟේ අනවසරෙන් වැලි කැනිම කරන වැලි ජාවාරම්කරුව් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන විට නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.
අද පෙරවරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර තත්ත්වය පාලනය කිරීමට නාවික හමුදාව අහසට වෙඩි තැබිමටත් කටයුතු කර තිබේ.
නීති විරෝධි අයුරින් වැලි පුරවාගත් ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවත් එම ස්ථානයේ තවදුරටත් වැලි කැනීමී සිදුවීම වැළැක්වීමට වැටලීමක් කළ විට මෙම නොසන්සුන්තාව නිර්මාණය වී තිබේ.
මෙහිදී වැලි ගොඩ දමමින් සිටි පිරිස අතරින් දෙදෙනෙක් මහවැලි ගඟට පැන පිහිනා යෑමට උත්සාහ කිරීමේදී අතුරුදන් වී තිබේ.