කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් සම්බන්ධයෙන් අසත්‍ය සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කරන බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත් කළ වාර්තා සත්‍යයෙන් තොරව බව ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනය කරයි.
අප්‍රේල් 22 කොවිඩ් 19 ආසාදනය වූ පළමු නාවික හමුදා රණවිරුවා හඳුනාගැනීමෙන් පසුව වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ රණවිරුවන් පී.සී.ආර්. පරීක්ෂණ වලට භාජනය කළ බවද ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කළ තොරතුරු ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ නාවික හමුදාවද ඇතුළත්ව ත්‍රිවිධ හමුදාවම කොවිඩ් ආසාදනය වූ ආරක්ෂක අංශ සාමාජිකයන් පිළිබඳවත්, පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳවත් විනිවිදය තොරතුරු ඉදිරිපත් කළ බවයි.