සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න අද දින සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, එම පත්වීමට අදාළ ලිපිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න වෙත නිල වශයෙන් භාරදීම අද නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, 1967 වසරේ උපත ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය හදාරා ඇත.
ඔහු 1986 වර්ෂයේ ඔක්තෝබර් මස 20 වන දින, 15 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇති අතර, එම බඳවාගැනීමේ හොඳම ශිෂ්‍ය භට නිලධාරියා ලෙස තේරී පත්වීමෙන් 1988 වර්ෂයේදී එක්සත් රාජධානියේ ඩාර්ත්මත් හී පිහිටි බ්‍රිටැනියා රාජකීය නාවික විද්‍යාලයෙන් මධ්‍ය නිලධාරී පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලැබීය.
ඔහු සිය උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව 1989 වසරේ ඉන්දියාවේදී සාර්ථකව හදාරා ඇති අතර, මූලික ජල ශ්‍රාස්ත්‍රිය පාඨමාලාව 1995 වර්ෂයේදීත්, දීර්ඝ ජල ශ්‍රාස්ත්‍රිය පාඨමාලාව 2003 වර්ෂයේදීත් ඉන්දියාවේදී හදාරා ඇත.