දඹුල්ල කැකිරාව ගලේවෙල ප්රදේශවල මත්කුඩු ඊසි කෑෂ් ක්රමයට බෙදාහරින ප්රධාන ජාවාරම් පුද්ගලයන් දෙදෙනෙකු මෝටර් රථයක් ද සමඟ සැකපිට ඊයේ දින රාත්රියේ දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල දේවහුව ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු සහ ගලේවෙල ප්රදේශයේ මෝටර් රථයක් බවත් ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් කුඩු ග්රෑම් 10 කට අධික ප්රමාණයක් මෝටර් රථයේ විවිධ ස්ථානවල සඟවා තිබියදී සොයා ගත් බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්රමරත්න මහතා පැවසීය.
කාලයක් තිස්සේ ඊසි කෑෂ් ක්රමයට මත්කුඩු ජාවාරමේ නිරත මෙම පුද්ගලයන් පිළිබඳව දඹුල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත විශේෂ මාර්ග බාධක යොදා මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත්, මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ස්ථාන 10ක රථය තුළ ඊසි කෑෂ් ක්රමයට විවිධ ස්ථානවල සඟවන ලද කුඩා ආකාරයේ මත්කුඩු පැකට් සඟවා තිබූ බවත් එම මත්කුඩු පැකට් සොයා ගැනීම සඳහා දඹුල්ල පොලිසියේ නිල සුනඛ අංශයේ ද සහාය ලැබුණු බව මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්රමරත්න මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් මෙම පිරිස ප්රශ්න කිරීමෙන් අනතුරුව දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කොට රඳවා ගැනීමේ නියෝග ලබා ගෙන තවදුරටත් ඔවුන් ගෙන් ප්රශ්න කිරීමට නියමිත බව පොලිසිය කියයි.
එමෙන්ම මහනුවර ප්රදේශයේ අපරාධ රැසකට මෙම පුද්ගලයන් චෝදනා එල්ලව අධිකරණය සහ පොලිසිය මඟ හරිමින් සිටින පිරිසක් බවට පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය කියයි.