නිල ඇඳුම් වෙනුවෙන් වව්චර් ලබාදීමේ ක්‍රමවේදය අහෝසි කිරිමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තීරණය කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට තිළිණ පත් වෙනුවට නිල ඇඳුම් සිසුන්ට ලබාදීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇත.
ඒ හරහා රෙදි මීටරයකින් රුපියල් 50ක පමණ ඉතිරියක් හා විදේශීය විනිමය පිටරටට ගලා යෑම වළක්වන බව රජය ප්‍රකාශ කරයි.