නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ස්වාභාවික රක්ෂිතයක හට ගත් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයක සහය ලබා ගත් බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
එම රක්ෂිතයේ ඊයේ පස්වරු 6 ට පමණ ගින්නක් හට ගෙන ඇති අතර එම ගින්න නල්ලතන්නිය පොලීසියේ නිලධාරින් එක්ව මැඩ පැවැත්විමට කටයුතු කල අතර , එම රක්ෂිතයේ ඉහළ කදු මුදුනේ හටගෙන තිබු ගින්න පාලනය කිරිමට පොලීසියට එම ස්ථානයට ළගා විමට නොහැකි විය.
ඒ නිසා එම ගින්න මැඩ පැවැත්විමට අද උදෑසන ගුවන් හමුදාවේ එම්.අයි 17 ගුවන් යානයක සහයෙන් මවුස්සාකැලේ ජලාශයේ සිට ජලය රැගෙන ගොස් එම ගින්න තවදුරටත් පැතිර තිබු කදු මුදුනට ඉසිමෙන් පසු එම ගින්න මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.
එම රක්ෂිතයට ඉහලින් ශ්රි පාද රක්ෂිතයද පිහිටා තිබේ.
එම රක්ෂිතයට ගිය කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබන්නට ඇති බව නල්ලතන්නිය පොලිසිය සැකකරයි.
ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 3 ට ආසන්න ප්රමාණයක් ගිනිගෙන ගෙන තිබේ.