ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්යක්ෂ අනිවාර්ය නිවාඩු යවා තිබෙන නියෝජ්‍ය පොලිස්පත නාලක සිල්වා අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණියේය.
ඔහුට අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි. කෙසේ වෙතත් ඔහුට ඇතිව තිබෙන අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි නොමැති බව වාර්තා වෙයි. නීතිඥවරු මාර්ගයෙන් ඒ බව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.
ශමීර රාජපක්ෂ