ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව ත්රස්තවිමර්ශන ඒකකයේ හිටපු අධ්යක්ෂ, හිටපු නියෝජ්‍ය පොලිස්පති නායක සිල්වාගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටියි.
ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඔහුට 16 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නත් එදින නොපැමිණ අද එහි පැමිණියේය.