ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇතිබව වාර්තා වේ.
මේ අතර, ජීවක එඳිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ඊයේ (05) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණි.
ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ උපදෙස් ලබාදී තිබුණි.