හිටපු ආණ්ඩුකරවරුන් දෙදෙනෙක් වන නිලූකා ඒකනායක මහත්මියට හා රෙජිනෝල්ඩ් කුරේ මහතාට සංස්ථා සභාපතිධූර පිරිනමා තිබේ. ඒ අනුව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරීයේ සභාපති ලෙසත් නිලූකා ඒකනායක මහත්මිය රාජ්ය දැව සංස්ථාවේ සභාපතිනිය ලෙසත් පත්කර තිබේ. ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර තිබේ.