හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (06) දින තහවුරු වි ඇති නිසා (07) දින සිට එම පාසල තවකාලිකව වසා දැමිමට විදුහල්පතිවරයාට උපදෙස් ලබා දුන් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලට යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර ප්‍රදේශයේ පදිංචි එම ගුරුවරියට , මාස හතරක් වයසැති බිලින්දියට සහ අවු පහක් වයසැති දියණියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසුවේ.
දරු ප්‍රසුත නිවාඩුවෙන් පසු අසාදිත ගුරුවරිය ඉකුත් 28 සහ 30 දෙදින තුල පාසලට පැමිණ ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බවත් , එම අසාදිත ගුරුවරියගේ ආගරපතන ඩයගම ප්‍රදේශයේ පදිංචි මවටද මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇය නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇත.
නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ ළමුන් 1500ක් පමණ අධ්‍යාපනය ලබන බවත්, එහි අචාර්යය මණ්ඩලය 70 දෙනෙකුගෙන් සමන්විත වන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
අසාදිත ගුරුවරිය අචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සහ පාසලේ ළමුන් සමග සමිප සම්බන්ධකම් පවත්වා ඇති බවටත් , පාසල තාවකාලිකව වසා දමා පාසලේ සමිපතම ගුරුවරුන් සහ සිසු සිසුවියන් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර පාසල විෂබිජහරණයට ලක් කිරිමට කටයුකු කරන බවද මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසිය.