නිරෝධායන රීති උල්ලංඝනය කරමින් ඊයේ (25) දිනය තුළ කටයුතු කළ පුද්ගලයින් 151 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 52,154ක් බවය.
පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කිරීමට පැමිණි සියයකට අධික පිරිසක් ඊයේ දිනයේදී ද නැවත හරවා යැවීමට කටයුතු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන ජනතාව නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආරක්ෂාකාරී ලෙස කටයුතු කළයුතු බවද අජිත් රෝහණ මහතා පැවසීය.