පුත්තලම මුල්ලිපුරම් වෙට්ටාල ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඊයේ (02) විවාහ මංගල උත්සවයක පවත්වා තිබේ.
පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්. සුරේෂ් මහතා සඳහන් කළේ සිද්ධිය අනාවරණය වීමෙන් පසු මනාල යුවල ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බවය.
මනාල මහතා විදේශ රැකියාවක නිරත වී දින 18කට පෙර මෙරටට පැමිණ නිරෝධායනය වී නිවස වෙත පැමිණ සිටි අයෙකි.
අදාළ මංගල උත්සවය සඳහා 200කට අධික පිරිසක් සහභාගී වී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණීමත් සමග ඉන් පිරිසක් පළාගොස් තිබුණි.
මෙම පිරිසට ආහාර සකසා ඇත්තේ යාබද නිවසක බවද අනාවරණය වී තිබේ.